පළාත් පාලන මැතිවරණය මාර්තු 10 ට පෙර!

 පළාත් පාලන මැතිවරණය මාර්තු 10 ට පෙර!

පළාත් පාලන මැතිවරණය මාර්තු 10 වැනි දාට පෙර පවත්වන බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඒ සඳහා මූලික කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් පවතින බවය.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැඳවීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ලබන මස 5 වැනි දාට පෙර නිකුත් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

සභාපතිවරයා පැවසුවේ, මැතිවරණයෙන් තේරීපත්වන සභිකයින්ගේ නම් මාර්තු 20 වැනි දාට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට ද සැලසුම් කර ඇති බවයි

Newspedia 02

Related post