අත්අඩංගුවට ගත් ඩුබායි සුද්දාට ඇප හිමිවේ!

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ඩුබායි සුද්දා නැමැත්තා ඇප මත මුදාහැර තිබේ.
බලපත්‍ර නොමැතිව විදෙස් රැකියා සඳහා පුද්ගලයින් යොමු කිරීමේ චෝදනාවට අදාලව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.
අනතුරුව ඔහු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහුට ඇප හිමිව තිබේ.