සිද්ධස්ථාන නිසා එන සංචාරක ආදායම් අමතකද? විදුලි බිල ගැන කතා කරන්නෙ?

අප දැන් අත්විඳිමින් සිටින්නේ රටේ සෑම දෙයක්ම දේශපාලනඥයන්ට පවරාදීමේ ප්‍රතිඵලය බව ජාතිය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවැසූහ.
“අපේ රටේ මිනිස්සු මේ දවස්වල වගේ දුක් විඳින යුගයක් අපි කවදාවත් අහලා නැහැ,”
මෙතෙක් රට පාලනය කළේ පක්ෂ දෙකක් මිස ජනතාව නොවන බවත්, ජනතාවට පරමාධිපත්‍යයක් නොමැති බවත් උන්වහන්සේ පෙන්වා දෙති.
දැන් රටේ උතුරු හා නැඟෙනහිර පළාත්වල තිබෙන ප්‍රශ්නය ගැන විවිධ මත සාකච්ඡා කෙරෙන බවත්, ආණ්ඩුව එසේ කිරීම ජනතාව ඊළඟ ආහාර වේල ගැන කනස්සල්ලට පත්ව සිටින මොහොතක තවත් ජාතික ප්‍රශ්න ඇති කරන බව ත් ගුණවංශ හිමියෝ පවසති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදුදහම ආරක්ෂා කරමින් පෝෂණය කරන අතරම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු බවත්, බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීම රාජ්‍යයේ යුතුකම බවත් සඳහන් කරයි. නමුත් බුද්ධ ශාසනය ආරක්‍ෂා කරන්නේ කෙසේද, පෝෂණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව නිසි නිර්වචනයක් එහි සඳහන් කර නැත.
“ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපිව නොමග යවලා තියෙනවා.”
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද එක් වූ අතර, අපේ සංස්කෘතිය, පෞරාණික විහාරස්ථාන සහ තවත් බොහෝ දර්ශන නැරඹීම සඳහා විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට පුරුදුව සිටින බව ගුණවංශ හිමියෝ පැවසූහ.
“රට තුළ ඇති සංස්කෘතික ආගමික සිද්ධස්ථාන නිසා විදේශීය සංචාරකයන්ගෙන් ලැබෙන ආදායමෙන් රජය පෝෂණය වුණා. නමුත් දැන් ආණ්ඩුවට ඒක අමතකයි.”
“පසුගියදා විදුලි බිල වැඩි කිරීම නිසා අපිට ලයිට් දාන්න බැහැ. අපිව පාරට ගෙන්වගන්න හදන්න එපා” ගුණවංශ හිමියෝ අවවාද කළහ.
“අපි හැමදාම පරදිනවා. හාමුදුරුවරු විදියට. අපි පැරදුනත් කමක් නැහැ, නමුත් අපි මේ රජයට මතක් කරන්න ඕන බුදුදහම හෑල්ලු වෙන විදියට වැඩ කරන්න එපා කියලා,”