ලබන මස සිට රියදුරන්ට අලුත් වැඩක්!

සියලු රියදුරන් සඳහා “රියදුරු කුසලතා ලකුණු ක්‍රමය” ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි.
එමගින් රිය ධාවනයේදී රියදුරු අතින් මහමඟ සිදුවන වැරදි සඳහා නව ක්‍රමය යටතේ කුසලතා ලකුණු ලබාදීමේ සහ ඊට අදාළ දඩුවම් පැනවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිත බව ඔහු පැවසුවේය.
ඊට අදාළ මූළික ක්‍රමවේදය මේ වන විට සකස් කර අවසන්ව ඇති අතර එය ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට යොමුකිරීමට බලාපොරොත්තු වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කළේය.