මාර්ග සංවර්ධන අධිකාරිය කොන්ත්‍රාත්කරුවන්ව අන්ත අසරණ කරයි

මාර්ග සංවර්ධන අධිකාරිය තුළ ඇතිව තිබෙන මූල්‍ය අර්බුදය හේතුවෙන් කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ඊට පිළියම් ලෙස ඔවුන්ට බඩ ඉරිඟු වගා කිරීමට ඉඩම් ලබාදීමට පියවර ගෙන ඇති බව අපි මීට පෙර වාර්තා කළෙමු.
මෙම කොන්ත්‍රාත්කරුවන් අතරින් බොහෝ දෙනෙක් හරහා සිදුකර ගන්නා ලද වැඩ වලට මෙතෙක් මුදල් ගෙවීම් සිදු කර නැත. එසේ තිබියදී ඔවුන්ගේ මූල්‍ය තත්වයත් රටේ පවතින ආර්ථික අර්බුදයත් සැලකිල්ලට ගෙන මෙය සිදු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යැවූ ලිපියක සඳහන් විය.
එම පුවත පහතින්..
තත්ත්වය එසේ තිබියදී කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය ලබා දුන් මූල්‍ය බැඳුම්කරයන්ට මුදල් ගෙවීම ද බැංකු විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කොන්ත්‍රාත්කරුවන් යොදවා ගෙන සිදු කරන ලද වැඩ සඳහා මුදල් නොගෙවීම නිසා දැඩි අපහසුතාවයකට පත්ව සිටි එම කොන්ත්‍රාත්කරුවන් සැනසීම සඳහා තාවකාලික පිළියමක් ලෙස බඩ ඉරිඟු වැවීම සඳහා ඉඩම් ලබා දුන් අධිකාරිය දැන් බැඳුම්කර ගැටළුවක් පටලවා කොන්ත්‍රාත්කරුවන් වඩාත් අසරණ කර දමා තිබේ.