පිල්ලෙයාන්ගේ නිල රථය විදුලි කණුවක ගැටේ! – රියදුරු රෝහලේ!

රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හේවත් පිල්ලෙයාන් මහතාගේ නිල රථයක් අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
නිල රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත.
මඩකලපුව මයිල්අඩිවල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූ රියදුරු මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ අනතුරින් වාහනයට හානි සිදුවී ඇති බවයි.