චෝදනා ඔප්පු කළොත් ඇමතිකම අතාරිනවා! – කෙහෙළිය චැලේජ් කරයි!

 චෝදනා ඔප්පු කළොත් ඇමතිකම අතාරිනවා! – කෙහෙළිය චැලේජ් කරයි!

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් අනුමත නොකරන ලද ඖෂධ වර්ග 27ක් ඉන්දියාවේ සමාගමකින් මෙරටට ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කටයුතු කරන බවට මේ දිනවලදී චෝදනා රැසක් එල්ල වේ.

එම චෝදනා වල සඳහන් වන්නේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලය නොමඟ යවමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අනුමැතිය මේ සඳහා ලැබී ඇති බවට පවසා මෙම ඖෂධ ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවයි.

ඒ පිළිබඳව ප්‍රකාශයක් සිදු කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ එල්ලවන චෝදනා ඔප්පු කළහොත් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

එමෙන්ම ඉන්දීය ණය පහසුකම් යටතේ ඖෂධ ගෙන්වීම කැබිනට් අනුමැතිය මත පමණක් සිදුකරන ද හෙතෙම කියා සිටියේය.

ඉන්දියාවෙන් ණය පහසුකම යටතේ ඖෂධ ගෙන්වීමට අදාළ සියලු ලිඛිත සාක්ෂි ඉදිරි දෙක දින දෙක තුළදී ඉදිරිපත් කරන බවද පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් තමන්ට එල්ල වන සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් පැවසීය.

Newspedia 02

Related post