ලෝක වෙළෙඳපොලේ බොර තෙල් මිල ඉහළට

 ලෝක වෙළෙඳපොලේ බොර තෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දිනක් තුළ අමෙරිකානු ඩොලර් 2.94 කින් ඉහළ ගොස් ඇති ඇති අතර එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.92 ක් බව සඳහන් වේ.

එසේම අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 2.07 කින් ඉහළ ගොස් ඇති අතර එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 79.56 ක් ලෙසය.

රුසියාව සිය දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් 500,000 ත් 700,000 ත් අතර ප්‍රමාණයකින් කපා හැරීමට සිදුවිය හැකි බවට ප්‍රකාශ කිරීමත් සමඟ මෙලෙස බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.

Newspedia 01

Related post