රාජපක්ෂලට උදව් කරපු අය එක්ක සන්ධාන නෑ! අපිට උඩින් දිනන්න පුළුවන්!

 රාජපක්ෂලට උදව් කරපු අය එක්ක සන්ධාන නෑ! අපිට උඩින් දිනන්න පුළුවන්!

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී තමන්ට අත්වන ඉරණම තේරුම් ගෙන සමගි ජන බලවේගය සමඟ එකතු වීමට උත්සාහ කළත්, රාජපක්ෂලාට මේ රට විනාශ කිරීම සඳහා උදව් කළ කිසිම දේශපාලනඥයෙක්, සන්ධානයක් හෝ දේශපාලන පක්ෂයක් පිළිගැනීමට තමන් තුළ අදහසක් නැති බව සමගි ජන බලවේගය පවසයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී තනිව විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි බල සන්ධානයට ජනතා විශ්වාසය, හැකියාව, ශක්තිය සහ විශ්වාසය තිබෙන බව ද, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ඊයේ ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යටතේ වන සමගි ජන බල සන්ධානය; ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC), ජාතික හෙළ උරුමය (JHU), දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA) යන පාර්ශවවලින් සමන්විත වන බවය. එමෙන්ම පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස අසුන්ගෙන සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් කිහිපදෙනා ද සමග මිලියන 22ක් වූ ශ්‍රී ලාංකිකයන් අතර විශ්වාසය සහ ජනප්‍රියත්වය දිනාගත් බලවත්ම දේශපාලන සන්ධානය සමගි ජන බල සන්ධානය බව හෙතෙම පෙන්වා දෙයි.

“රටේ කිසිදු දේශපාලන පක්ෂයකට හෝ දේශපාලන සන්ධානයකට ඡන්දදායකයින් අතර ඇති විශ්වාසය, හැකියාව, බලය සහ ජනප්‍රියත්වය අතින් සමගි ජන බල සන්ධානය සමග සම වෙන්න බෑ. එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්ව ගුණාංග, රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ අභිමානය සම කරන්න බෑ. අනෙකුත් සියලුම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ඔවුන්ගේ නොහැකියාව, අසාර්ථකත්වය සහ දූෂණය පෙන්නුම් කරල තියෙන්නෙ”

ලක්ෂ්මන් කිරිඇල්ල, ජ්‍යෙෂ්ඨ උපසභාපති – සමගි ජන බලවේගය, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

ප්‍රේමදාස මහතා රුපියල් බිලියන ගණනක් වටිනා පරිගණක, ඖෂධ, වෛද්‍ය උපකරණ සහ නවතම බස් රථ වැනි දෑ, පාසල්, රෝහල් සහ අනෙකුත් අවශ්‍යතා ඇති රාජ්‍ය ආයතන සිය ගණනකට බෙදා දී තිබේ. ඔහු දුප්පත්ම දුප්පත් පවුල් සහ සංවිධාන අතර සිටින විවිධ පුද්ගලයින්ට නිශ්ශබ්දව කොපමණ මුදලක් පරිත්‍යාග කර ඇත්දැයි කිසිවෙකු දන්නේ නැත. කිසිම දේශපාලන නායකයෙකුට හෝ දේශපාලන පක්ෂයකට මේ රටේ මෙවැනි සමාජීය කටයුතු හෝ පින්කම්වල නිරත විය නොහැකි බව ද කිරිඇල්ල මහතා පෙන්වා දෙයි.

“පවතින දේශපාලන හා සමාජ ආර්ථික අවුලෙන් රට ගලවා ගැනීමේ අපේ වැඩපිළිවෙළ ගැන අසන අපේ විරුද්ධවාදීන්ට කියන්න තියෙන්නෙ, සජිත් ප්‍රේමදාස මහතා ඔක්තෝම්බර් මස මුලදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළ කරුණු 20කින් යුත් උපායමාර්ගික සැලැස්ම අධ්‍යයනය කරන ලෙසයි.”

Newspedia 01

Related post