රට තුළ ඉන්ධන ඉල්ලුම 50% කින් අඩු වෙලා!

 රට තුළ ඉන්ධන ඉල්ලුම 50% කින් අඩු වෙලා!

මේ වනවිට රටේ ඉන්ධන ඉල්ලුම 50% කින් අඩු වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

දෙරණ මාධ්‍ය සිදුකළ විමසීමකදී එම ප්‍රකාශකය සඳහන් කර ඇත්තේ මෙම වසරේ ජනවාරි මාසයේ පළමු කාර්තුවේ සාපේක්ෂව වසර අග වන විට ඉන්ධන ඉල්ලුම අඩු වී ඇති බවයි.

ඒ අනුව මීට පෙර එක් මසකට පෙට්‍රල් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක පමණ ඉල්ලුමක් පැවැති බවත් මේ වනවිට එය මෙට්‍රික් ටොන් 2,000ක් දක්වා අඩු වී ඇති බව ඔහු පවසයි.

එහිදී පසුගිය මාර්තු සිට ජූලි දක්වා මාස 4ක කාලය තුළ දෛනික ඩීසල් පරිභෝජනය ටොන් 6,496 සිට 2,299 දක්වාත් පෙට්‍රල් පරිභෝජනය ටොන් 3,764 සිට 1,226ක් දක්වා පහත වැටී තිබේ.

මෙම ඉන්ධන ඉල්ලුම පහත වැටීමට හේතු ලෙස ඔහු පවසා සිටින්නේ ආර්ථික අර්බුදය, පරිභෝජනය සැලකිය යුතු ලෙස පහළ යාම, QR ක්‍රමවේදයට අනුව පමණක් ඉන්ධන නිකුත් කිරීම සහ ඉන්ධන සංචිත පවත්වාගෙන යාමට පාරිභෝගිකයික් කටයුතු නොකිරීම යනාදියයි.

Newspedia 02

Related post