ගෝඨා අද පවුල් පිටින් අමෙරිකාවට!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ තවත් සිව්දෙනෙකු අද (26) උදෑසන අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ වාර්තා සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ අයෝමා රාජපක්ෂ, ලේලිය වන සෙව්වන්දි රාජපක්ෂ, පුත් මනෝජ් රාජපක්ෂ සහ හිටපු ජනාධිපතිවරයාගේ මුණුබුරා මෙසේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය පිරිස අතර වූ බව වාර්තා විය.