‘රයිගම්’ එකට බාල ලුණු බෙදා හැරීමේ චෝදනාවක්! – සභාපති අධිකරණයට කැඳවයි!

රයිගම් වයඹ සෝල්ටන්ස් සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය රවින්ද්‍රනාත් (රවී) ලියනගේ මහතාට ලබන අප්‍රේල් 26 වැනිදා කොළඹ ශ්‍රේඨාධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ඇති බව වාර්තා වේ.
ඒ නියමිත ප්‍රමාණයට වඩා අයඩීන් අඩු, තත්ත්වයෙන් බාල ලුණු “රයිගම් ඉසි” නැමැති ලුණු නිෂ්පාදනය හරහා බෙදා හැරීම සම්බන්ධයෙනි.
පරිභෝජනයට ගන්නා ලුණු කිලෝ ග්‍රෑම් එකක අයඩීන් ග්‍රෑම් 15ත් 30ත් අතර ප්‍රමාණයක් තිබීම අනිවාර්ය වන අතර “රයිගම් ඉසි” ලුණු වල එම ප්‍රමාණය ග්‍රෑම් 15ට වඩා අඩු අගයක පවතින බව පැවසේ.
එම සමාගමේ සෙසු අධ්‍යක්ෂවරුන් වන ක්‍රිෂාන් රෝහණ තියඩෝර්, ඝණක අමරසිංහ, ස්වර්ණා මංගලිකා ධර්මජීව, ගීතා ප්‍රීති පද්මකීර්ති හා මාකෙවිට උදේණි නදීකා පරේරා යන පිරිසට ද එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ඇත.
මෙම නඩුව පවරා ඇත්තේ ගොතටුව මහජන පරීක්ෂක පී.ඒ.ඒ. කසුන් මහතා විසිනි.