නාමයෝජනා කැඳවීමේ දැන්වීම, ලබන අවුරුද්දට කල් යයි!

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැදවීමේ දැන්වීම ජනවාරි මස 5 වැනි දිනට පෙර නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (23) තීරණය කර තිබේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේ දී ඊයේ පෙරවරුවේ පැවැති අතර එහිදී මෙම තීන්දුව ගෙන තිබිණ.
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ දිනය සහ නාම යෝජනා භාර ගන්නා කාලය පිලිබද දැන්වීම දෙසැම්බර් මස අවසන් සතියේ නිකුත් කරන බවට මීට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබිණද ඊයේ සාකච්ජාවෙන් අනතුරුව එම දිනය වෙනස් කොට තිබේ.