අරගලය ගැන ගෝඨාගේ කොමිසමේ වාර්තාව, පොහොට්ටුවේ 107ක් ඉල්ලයි!

පසුගිය මාර්තු 31වනදා සිට රට තුළ ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියා විමර්ශනය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ විමර්ශන කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 107 දෙනෙකු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ නිවාසවලට හානි සිදුකිරීම, ජනාධිපති මන්දිරය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් අරගලකරුවන් විසින් අත්පත් කරගැනීම හා වත්මන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ගිනිබත් කිරීම පිළිබඳව මෙහිදී විමර්ශනයට ලක්වී ඇත.
එම කමිසමේ සාමාජිකයින් ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ (සභාපති) සහ හිටපු ගුවන්හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක සහ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහවරුන් කටයුතු කරන ලදී.
එහි පොහොට්ටුවේ මන්ත්‍රීන්ට අමතරව ස්වාධීන වූ මන්ත්‍රීන්ද අත්සන් කොට ඇති අතර අත්සන් තැබූ සම්පුර්ණ පිරිස 115 වෙයි.






