දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට සහෝදරයන් දෙදෙනාගෙනුත් ප්‍රශ්න කරයි!

බොරැල්ල කනත්ත භූමියේ අබිරහස් ලෙස ඝාතනය කර තිබූ ප‍්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය පිළිබඳව ඔහුගේ සහෝදරයන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට අපරාධ විමර්ශන කොට්ඨාසය කටයුතු කර තිබේ.
ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බිරියගෙන් ද ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගත් අතර ෂාෆ්ටර් මහතාගේ සොහොයුරන් දෙනු ලබන ප්‍රකාශ සමග බිරියගේ ප්‍රකාශ සංසන්දනය කරන බව එම කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් සඳහන් කරයි.
ඒ අනුව, මෙම ඝාතනය සම්බන්ධයෙන් ඊයේ වන විට පුද්ගලයන් 60කගෙන් පමණ ප්‍රශ්න කොට තිබේ.
කෙසේ වෙතත් මෙම ප්‍රශ්න කිරීම් සහ දුරකතන විශ්ලේෂණ වාර්තා නිරීක්‍ෂණය කිරීමෙන් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධ අතිශය වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් පැවැතිය ද විමර්ශනවලට බාධාවක් වන නිසා ඒවා මාධ්‍යයට හෙළි කළ නොහැකි බව එම උසස් නිලධාරියා වැඩිදුරටත් පවසන ලදී.