හොරු, කුඩුකාරයො අල්ලන්න පොලිසිවලට වාහන නෑ! පොලිස් ඇමැතිගෙන් දුක් ගැනවිල්ලක්..

බොහෝ පොලිස් ස්ථානවල රාජකාරි සඳහා භාවිත කිරීමට වාහන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට වාහන 125ක් භාරදීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුවය.
“සමහර අය අපි මේ වාහන ගන්නවට විරුද්ධව කතා කරනවා. ගොඩක් පොලීසිවලට හොරු සහ කුඩුකාරයො අල්ලන්න වාහන නෑ. සමහර පොලිස් ස්ථානාධිපතිවරු ත්‍රීවිල්වල යන්නෙ, ඒ නිසා මේ දුන්න වාහනවලට ඉන්දියාවට අපි ස්තූතිවන්ත වෙනවා”
ටිරාන් අලස්, මහජන ආරක්ෂක අමාත්‍ය