හිටපු සීනි ලොක්කා ඉවත් කිරීමේ හේතුව හෙළිවෙයි!

ලංකා සීනි සමාගමට ඊයේ නව සභාපතිවරයෙක් පත් විය. ඒ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සාරද සමරකෝන් මහතා ය.
ලංකා සීනි සමාගමේ හිටපු සභාපති ජනක නිමලචන්ද්‍ර මහතා එම ධූරයෙන් ඉවත් කර ඇත්තේ දූෂණ චෝදනා සහ තවත් චෝදනා කිහිපයක් හේතුවෙන් බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
හිටපු සභාපති නිමලචන්ද්‍ර මහතා අනුමැතියකින් තොරව විදේශ සංචාරවලට යාම වැනි දූෂණ චෝදනාවලට සම්බන්ධ බවට තොරතුරු ලැබීම ඊට හේතුවය.
නිමලචන්ද්‍ර මහතා ඇතැම් චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පරීක්ෂණ කිහිපයකට ද, මුහුණ දී සිටී.