ශ්‍රී ලංකා කාන්තා රග්බි පිලට $10,000 ක දඩයක්

ආසියානු රග්බි සම්මේලනයෙන් ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් පැනවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ඒ පසුගිය ආසියානු සත් සාමාජික රග්බි ශූරතා තරගාවලියට සහභාගි නොවීම හේතුවෙනි.
ඒ අනුව මෙයට හේතුවී ඇත්තේ පසුගියදා පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් වටයේ තරගවලින් ශ්‍රී ලංකා කාන්තා පිල ඉවත්ව තිබීමය.
මේ සම්බන්ධයෙන් ආසියානු සම්මේලනය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හදිසියේම ඉවත්වීම නිසා කණ්ඩායම් සංඛ්‍යාව 7ක් දක්වා අඩු වූ බවත්, මේ නිසාම සෑම කණ්ඩායමකටම නිතරග ජයක් ලබාදීමට සිදු වූ බවය.
එබැවින් එය තරගාවලියේ ජීව ගුණයට හානි වූ බවත් ඔවුන් පෙන්වා දී ඇතැයිද පැවැසේ.