උසස් පෙළට අයදුම් කරන්න සිටි සිසුවා වන අලි පහරින් මරුට

 උසස් පෙළට අයදුම් කරන්න සිටි සිසුවා වන අලි පහරින් මරුට

සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ ඉගෙනීම් කටයුතු සඳහා පාසලට ඇතුළත් වීමට අයදුම්පත්‍ර භාර දීම සඳහා පාසලට යාමට සූදානම් වෙමින් සිටි පාසල් සිසුවකු අනුරාධපුර පූජා නගරයේදී වන අලි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිසා වැව, නීරාවිය, දේවානම්පියතිස්සපුර හතරවන පියවර ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. රශීම් මොහොමඩ් රාසීද් නැමැති 17 හැවිරිදි හැවිරිදි පාසැල් සිසුවෙකි.

වී වෙළදාමේ කටයුතුවල නිරත වන ඥාති සහෝදරයෙකු බස් රථයකට ඇරලවා යතුරු පැදියකින් නැවත තම නිවස බලා ගමන් කරමින් සිටියදී අද අළුයම 4:45 ට පමණ එල්ලවූ වන අලි ප්‍රහාරයට මෙම සිසුවා ජීවිතක්ෂයට පත්ව තිබූ බව පොලීසිය කියයි.

Newspedia 01

Related post