අලි පොහොට්ටු පූට්ටු වෙද්දී සජබ-ශ්‍රීලනිප සන්ධානයක්?

පළාත් පාලන මැතිවරණය මේ මස අවසන් වන විට ප්‍රකාශයට පත් කරන ලෙස මැතිවරණ කොමිසමට දැනුම් දෙන අතරවාරයේදී සමගි ජන බලවේගය පක්ෂ කිහිපයක් සමඟ සන්ධානගත වීමේ ක්‍රියාවලියක නිරත වන බවට ඉඟි පළ කළේය.
එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගත වීමට අදහස් කරන්නේ දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“අපි දේශපාලන පක්ෂ ගණනාවක් සමඟ සන්ධානගත වීමට සාකච්ඡා කරනවා,” මද්දුම බණ්ඩාර පැවසුවේ සජබ-ශ්‍රීලනිප සන්ධානයක කතාව බැහැර නොකරමිනි.
“පෙබරවාරි 20 ට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නම් මේ මස අවසන් වන විට පළාත් පාලන මැතිවරණය කැඳවිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසා තිබෙනවා. එබැවින් පළාත් පාලන මැතිවරණය වහාම ප්‍රකාශයට පත් කරන ලෙස අපි කොමිසමෙන් ඉල්ලා සිටිනවා, මැතිවරණ කොමිසමට ස්වාධීනව ක්‍රියා කරන්න පුළුවන්. මැතිවරණයක් ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයාගේ අවසරය ලබාගන්න ඕන නෑ”
රංජිත් මද්දුම බණ්ඩාර, මහලේකම් – සමගි ජන බලවේගය