අද රෑ 12ට නොරොච්චෝලේ එකක් වැහෙයි! – ගල් අඟුරු නෑ!

මේ වනවිට බලපා ඇති ගල් අඟුරු හිඟ තාවය හේතුවෙන් ඉදිරියේදී පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවන බවට විදුලි ඉංජිනේරුවන් පවසා සිටි අතර මහජන උපයෝගිත කොමිසමද ඒ බව තහවුරු කරන ලදී.
මේ හේතුවෙන් අද (22) මධ්‍යම රාත්‍රී 12ට පුත්තලම නොරොච්චෝල බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියා විරහිත කරන බවට වාර්තා වේ.
විදුලි කප්පාදුව අවම කිරීම හා ගල් අඟුරු තවදුරටත් තබා ගැනීමේ අරමුණෙන් පසුගියදා මහජන උපයෝගීතා කොමිසම එක් ජනන යන්ත්‍රයක් වසා දැමීමට යෝජනා කර තිබිණ.