2014 සිට ශ්‍රී ලංකාව නිදහස් කර ඇති ඉන්දීය ධීවරයන් ගණන හෙළිවේ

2014 වසරේ සිට මේ දක්වා ඉන්දීය ධීවරයින් 2835 දෙනෙකු ශ්‍රී ලංකාව විසින් නිදහස් කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය පාර්ලිමේන්තුව (ලෝක් සභා) අමතමිනි.
දෙමළ ධීවරයින් නිදහස් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ප්‍රශංසා කරන ජයිශංකර් වැඩිදුරටත් කියා සිටියේ, දෙමළ ධීවරයන්ගේ ගැටලු පිළිබඳව අගමැති මෝදි අවධානය යොමු කර තිබෙන බවය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා; ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ නැවත නැවතත් කතා කර තිබේ.
අද ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් ධීවරයින් නිදහස් කරන්නේ නම් ඒ චෙන්නායිවල කවුරුන් හෝ ලිපි ලියන නිසා නොව දිල්ලියේ සිටින අයකු ඒ සම්බන්ධයෙන් කටයුතු කරන නිසා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.