හිටපු ජනපති මහින්දට ‘මයිනා’ කියන්නේ වයසින් වැඩි නිසා! – එස්.එම්. චන්ද්‍රසේන

 හිටපු ජනපති මහින්දට ‘මයිනා’ කියන්නේ වයසින් වැඩි නිසා! – එස්.එම්. චන්ද්‍රසේන

අද ඇතැමුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ‘මයිනා’ කියනු ලබන්නේ ඔහු වයස වැඩි නිසා බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

නමුදු එළඹෙන මැතිවරණයේදී ද සියලුම දේශපාලන පක්ෂ අභිබවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට පැමිණෙන බවත් තවමත් පොදුජන පෙරමුණෙන් පිට වෙන කිසිවෙකුට ඡන්දයක් ලබා නොදෙන බව ගමේ පාක්ෂිකයන් පවසන බවද ඒ මහතා සඳහන් කරයි.

රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඇමරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම හිටපු කියුබා ජනාධිපතිවරයකු පිදෙල් කස්ත්‍රෝ ද වයස අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයන් බව පවසන චන්ද්‍රසේන මහතා පවසන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එවැනි නායකයෙකු බවයි.

ඒ මහතා මේ පිළිබඳව පවසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

Newspedia 02

Related post