සාමනේර හිමිට බලෙන් වස පෙවීමට විහාරාධිපති හිමි සම්බන්ධදැයි විමර්ශණ

 සාමනේර හිමිට බලෙන් වස පෙවීමට විහාරාධිපති හිමි සම්බන්ධදැයි විමර්ශණ

නාඳුනන පුද්ගලයෙක් සාමනේර හිමිනමකට වස පොවා ඇතැයි පේරාදෙණියෙන් වාර්තා වේ.

ඒ අනුව; පේරාදෙණිය, හිඳගල රජමහා විහාරයේ 17 හැවිරිදි සාමණේර හිමිනමකට උල් ආයුධයක් පෙන්වා මරණ තර්ජනය කර වස සහ වේදනා නාශක ඖෂධ පානය කිරීමට බල කර ඇති බව වාර්තා වේ. ඉන්පසු සාමනේර හිමියන්ව අසල ඇති ඔයට තල්ලු කර තිබේ.

අදාළ සාමනේර හිමියන් අසාධ්‍ය තත්ත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

විහාරාධිපති ඇඹල්මීගම පඤ්ඤාකිත්ති හිමියන් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

Newspedia 01

Related post