වයස 75ක් පිරුණා කියලා විශ්‍රාම යන්නේ නෑ!

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා ධුරයෙන් විශ්‍රාම යාමට නියමිත බවට මේ දිනවල ප්‍රචාරය වන පුවතක් පිළිබඳව අගරදගුරු මැදුර නිවේදනයක් නිකුත් කර තිබේ.
මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ට වයස 75ක් පිරිම උපුටා දක්වමින් මෙම පලවන පුවත් වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව එම නිවේදනයේ සඳහන් වෙයි.
වයස 75ක් පිරීම සම්බන්ධයෙන් පාප් වහන්සේට දැනුම් දීම කතෝලික සභාවේ සම්ප්‍රදායක් බවද ඇතැම් පිරිස් මේ පිළිබඳව වැරදි ආකල්පයක් ඇති කර ගෙන ඇතැයිද පවසන අගරදගුරු මැදුර එතුමන් විශ්‍රාම යැවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ පාප් වහන්සේ බවද කියා සිටී.