මැතිවරණ තියන්න රු. බිලියන 10ක් වෙන් කරලා තියෙන්නේ! – මැතිවරණ කොමසාරිස් ජනරාල්

 මැතිවරණ තියන්න රු. බිලියන 10ක් වෙන් කරලා තියෙන්නේ! – මැතිවරණ කොමසාරිස් ජනරාල්

මැතිවරණයක් පැවැත්වීම සඳහා 2022 අයවැයෙන් හා 2023 අයවැයෙන් මුදල් වෙන් කර අවසන් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

එහිදී ඒ මහතා පවසා සිටියේ මැතිවරණ පැවැත්වීම ඉල්ලුම හා සැපයුම අනුව ගතයුතු කරුණක් නොවන බවත් නීතියට අනුව ගතයුතු කරුණක් බවත් එම නිසාවෙන් ඒ නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇත්තේ මැතිවරණ කොමිසමට බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් ශ්‍රී රත්නායක මහතා

“පළාත් පාලන මැතිවරණය පවත්වා මාර්තු මාසය වන විට පළාත් පාලන ආයතන නියෝජිතයන් නම් කොට ගැසට් නිවේදනය නිකුත් කිරීමේ බලතලය තියෙන්නේ මැතිවරණ කොමිසමට. මැතිවරණ පනත අනුව මැතිවරණයක් තිබීමේ තීරණය ගත යුත්තේ මැතිවරණ කොමිෂන් සභාව. ජනතා පරමාධිපත්‍ය රැකගැනීමට වගකීම තියෙන්නේ පවතින ආණ්ඩුවට, එම ආණ්ඩුවට වගකීමක් තමයි ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම. මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් සඳහන්කොට අයවැය ඇස්තමේන්තු සඳහා ඉදිරිපත් කොට තිබෙනවා. 2022 අයවැයත් 2023 අයවැයෙනුත් මැතිවරණයක් පැවැත්වීම සඳහා බිලියන 10 ක මුදලක් වෙන් කර තිබෙනවා. පුරවැසියෙක් ලෙස මුදල් නෑ කියන එක මට ඇහිලා තියෙනවා නමුත් මැතිවරණ කොමිසම කියන විදිහට කටයුතු කරන්න මම බැඳිලා ඉන්නවා.පුරවැසියෙක් ලෙස මිනිස්සුන්ගේ අයිතිය ලැබිය යුතුයි කියල මම විශ්වාස කරනවා.”

Newspedia 02

Related post