පැය 10ක විදුලිය කප්පාදුව ගැන කී නිලධාරීන්ට ඇමතිගෙන් දැඩි තීන්දුවක්!

 පැය 10ක විදුලිය කප්පාදුව ගැන කී නිලධාරීන්ට ඇමතිගෙන් දැඩි තීන්දුවක්!

2023 වසරේ සිට දෛනිකව පැය 10ක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවට පළවන වාර්තාවල සත්‍යතාවයක් නොමැති බව විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

මේ පිළිබඳව සඳහන් කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ මේ බව පැවසු ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් බලධාරීන්ට උපදෙස් දුන් බවය.

ඊයේ (20) දින ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා කියා සිටියේ ගල්අඟුරු මිලදී ගැනීම පමාවීම හේතුවෙන් ජනවාරි මාසයේ සිට දෛනිකව පැය 10ක් විදුලිය කප්පාදු කිරීමට සිදුවිය හැකි බවයි.

මෙම විදුලි කප්පාදුව සිදුවන බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාද අද දින තහවුරු කරන ලදී.

Newspedia 02

Related post