පරීක්ෂණයක් වැරදීමෙන් ගුරු-සිසු පස්දෙනෙක් රෝහලේ

රසායනාගාර පරීක්ෂණයක් වැරදී යාමෙන් පුස්සැල්ලාව ප්‍රදේශයේ පාසලක ගුරුවරුන් තිදෙනෙකු සහ සිසුන් පස් දෙනෙකු ඇතුළු 8 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
පාසලේ රසායනාගාරයේ පර්යේෂණයක නිරත වූ උසස් පෙළ සිසුන් පිරිසක් අතින් රසායනික ද්‍රව්‍ය අඩංගු බෝතලයක් කැඩී යාමෙන් විෂ දුම ආඝ්‍රහණය කිරීම මීට හේතු විය.
හුස්ම ගැනීමේ අපහසුතා ඇති වූ සිසුන් සහ ගුරුවරුන් වහාම රෝහලට ඇතුළත් කර තිබේ.