ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන දිනයත් කියයි

 ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන දිනයත් කියයි

පසුගියදා පවත්වන ලද 2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි මාස දෙක ඇතුළත නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි.

විභාග ප්‍රතිඵල ඇගයීම් කටයුතු ඉදිරියේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ද ඔහු පැවසීය.

පසුගිය ඉරිදා (18) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,894 කදී සැසි දෙකක් යටතේ පවත්වන ලද විභාගය සඳහා අයදුම්කරුවන් 334,698 දෙනෙකු පෙනී සිටි බව ද ඔහු පැවසීය.

Newspedia 01

Related post