ලංකා සීනි සමාගමේ නව සභාපති ධූරයට හිටපු මේජර් ජනරල්වරයෙක්!

අද (20) දින ලංකා සීනි සමාගමේ නව සභාපතිවරයා ලෙස මේජර් ජනරල් සාරද සමරකෝන් මහතා සිය රාජකාරි ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස රාජකාරි කළ ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ද කටයුතු කර කෙටි කාලයක් තුළ ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට ඒ මහතාට හැකිවූ බව සඳහන් වේ.