ලංකාවේ මම පන්තියේ මුල් තැන හිටියත්, එංගලන්තයේ දී අන්තිමයා!

 ලංකාවේ මම පන්තියේ මුල් තැන හිටියත්, එංගලන්තයේ දී අන්තිමයා!

භාෂා විද්‍යාගාර වැනි ක්‍රමයන් භාවිතා කර ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කර ගැනීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පලකරන ලදී.

එයට උදාහරණ සපයමින් ඒ මහතා සඳහන් කරන ලද්දේ තමන් ශ්‍රී ලංකාව තුල අධ්‍යාපනය ලබන විටදී ඉංග්‍රීසි භාෂාවෙන් ඉහළ තැනක සිටිය ද එංගලන්තයේ දී අධ්‍යාපනය ලබන විට පන්තියේ අන්තිමයා වූ බවත් තමන් භාෂා විද්‍යාගාර වැනි ක්‍රමයන් භාවිතා කර ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කර ගත් බවත්ය.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ මහරගමදී පැවති ජන වැඩසටහනක් අමතමිනි.

“මමත් ශාන්ත තෝමස් විද්‍යාලයේ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබපු ශිෂ්‍යයෙක්. ඉංග්‍රීසි භාෂා ක්ෂේත්‍ර යෙන් මම ඉහළම තලයක හිටියේ. නමුත් මගේ සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය ඒංගලන්තයේ ක්‍රියාත්මක කරන කොට ඉංග්‍රීසි භාෂා ක්ෂේත්‍ර යේ ඒම පංතියේ මම අන්තිමයා. නමුත් මම මෙහේ ඉහළින්ම හිටියා.

නමුත් මට භාෂා විද්‍යාගාර මට උදව් කළා මගේ සාක්ෂරතාව දියුණු කරන්න. මම ජාත්‍යන්තර තලයේ පුවත්පත් කිව්වා. හැමදාම රෑට ඉංග්‍රීසි පුවත් බැලුවා. මගේ තාත්තත් ඒ් දේ කළා. මගේ තාත්තා මට කිව්වේ හැමදාම අලුත් ඉංග්‍රීසි වචන 10ක් ඉගෙන ගන්න කියලා”

Newspedia 02

Related post