රාජපක්ෂලට මගේ ශාපයෙන් ගැලවීමක් නෑ!

 රාජපක්ෂලට මගේ ශාපයෙන් ගැලවීමක් නෑ!

තම සැමියාට යුක්තිය ඉටුවන තුරු වසර 12ක් තිස්සේ දුක් විඳින තමන්ගේ ශාපයෙන් රාජපක්ෂලා නිදහස් නොවන බව අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය පවසයි.

ඇය මාධ්‍ය වෙත මතක් කළේ බීබීසීය මගින් නම් කරන ලද ලෝකයේ වැඩිම බලපෑම් සහගත කාන්තාවන් 100 දෙනා අතරට තමන් ද ඇතුලත් වූ බවය.

2022 ජනවාරි 25 වෙනිදා මගේ ආදරණීය ස්වාමිපුරුෂයා අතුරුදහන් වී වසර 12 ක් පිරෙන මොහොතේ සිට මම මගේ හිස මුඩු කරලා කළු වස්ත්‍ර ඇඳගත්තේ ප්‍රගීත්ගෙ ඉරණමට වගකිවයුතු රාජපක්ෂලාට ‘ස්වාමිභක්ති අතුර මහා සපාය’ යන බලවත් ශාපය ලබා දීමටයි. ඒක ඉතා බලගතු ශාපයක් ! මගේ සැමියාට යම් දිනක සාධාරණයක් ඉටුවන තුරු ඔවුන් කිසිවකුට එයින් කිසිදා ගැලවීමක් ලැබෙන්නේ නැහැ”

සන්ධ්‍යා එක්නැළිගොඩ

“2010 ජනවාරි 25 වැනිදා මගේ සැමියා පැහැරගෙන ගොස් හෝ අතුරුදන් කළ අවස්ථාවේ මම මුලින්ම කැමරාවක් ඉදිරියට පැමිණියෙ. එතැන් සිට මම මගේ සැමියාට සාධාරණය පතා නොයෙක් නොයෙක් දුක් කරදර මැද දිගු ගමනක් ආවා.”

“ඔවුන් ප්‍රගීත් අපෙන් උදුරගෙන අදට දින 4,712ක් ගතවෙලා. ඒත් මගේ ගවේෂණය අවසන් වෙලා නෑ. මේ ගමනේදී බොහෝ යහපත් හදවත් ඇති අය මට උදව් කරලා තියෙනවා. සමහර අය උසාවි ශාලාවේ සිට පොලිසියට දක්වා මට විරුද්ධ වෙලා තියෙනවා.”

“2010 ජනවාරි 25 වැනිදා මම පොලිසියේ ඉන්නකොට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මට කතා කරලා කිව්වා කලබල වෙන්න එපා ප්‍රගීත් හොයාගන්න උදව් කරනවා කියලා. අද ඔහු මේ රටේ ජනාධිපති වෙලා, මම ඔහුගෙන් ඉල්ලන්නේ සාක්ෂිකරුවන් දේශපාලන බලපෑම්වලින් යටපත් කරලා ප්‍රගීත් හොයාගන්න බැරි වුණත් අඩුම තරමේ දේශපාලන පළිගැනීම්වලින් පීඩා විඳින දහස් ගණනකට සාධාරණය ඉටු කරන්න උදව් කරන්න කියලා.”

Newspedia 01

Related post