මේක මැතිවරණ තියන වෙලාවක් නෙවෙයි! – මේවා විපක්ෂයට තේරෙන්නේ නෑ!

මෙම අවස්ථාව මැතිවරණයකට සුදුසු වෙලාවක් නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
තම පක්ෂය නිසි කලට මැතිවරණ පැවැත්වීම අනුමත කරන නමුත් මේ අවස්ථාවේදී එය බැහැර කලයුතු බව හෙතෙම සඳහන් කරයි.
මෙම තත්ත්වය විපක්ෂයට නොතේරීම කණගාටුව කාරණාවක් බවද දිලුම් අමුණුගම මහතා පවසා සිටී
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ මහනුවරදී මාධ්‍ය අමතමිනි.
මේ වන විට ජනතාව ප්‍රශ්න රැසකට මුහුණ සිටින බවත් පවතින ජීවන බර මැද්දට මැතිවරණ බරක් ජනතාව මත පැටවිය යුතු ද යන්න කල්පනා කළ යුතු බව ඒ මහතා පවසයි.
මැතිවරණයක් අපේක්ෂා නොකරන ජනතාව ඉදිරියට දමා මැතිවරණයක් ඉල්ලා සිටින්නේ විපක්ෂය බවත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.