මහින්ද, ගෝඨා, රනිල්, බැසිල් එකම මේසයේ බත් කෑ, ලේකම් පුතාගේ ෂැංග්‍රිලා මගුල!

 මහින්ද, ගෝඨා, රනිල්, බැසිල් එකම මේසයේ බත් කෑ, ලේකම් පුතාගේ ෂැංග්‍රිලා මගුල!

හිටපු ජනාධිපති ‌මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ මහතා එකම මේසයක අසුන්ගෙන සුපිරි පන්නයේ ආහාර අනුභව කළ සුපිරි පන්නයේ විවාහ උත්සවයක් ඊයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වින.

ඒ හිටපු ජනාධිපති ලේකම්වරයකු වූ ගාමිණී සෙනරත් මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයයි.

මෙම මංගල්ලයට ජනාධිපතිවරුන් තිදෙනෙකුගේ පැමිණීම හා ඉහළම ප්‍රභූ පැලැන්තිය, ඉහළම ව්‍යාපාරික ප්‍රජාව, පොහොට්ටුවේ දේශපාලන ප්‍රධානීන්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටි බව වාර්තා වේ.

විපක්ෂයෙන් ඊට සහභාගී වී ඇත්තේ තලතා අතුකෝරල, ජේසී අලවතුවල සහ හේෂා විතානගේ යන මහත්වරුන්ය.

ඒ, මනාලියගේ පාර්ශ්වය නියෝජනය කරමිනි.

දෙවැනි ගමනද ලබන 8 වැනිදා ෂැංග්‍රිලා හෝටලයේදීම පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Newspedia 02

Related post