බොරැල්ල කනත්තේ CCTV සවි කරනවා! රක්නා ලංකා එකත් අයින් කරයිද?

බොරැල්ල සුසාන භූමියේ සහ ඒ අවට සී.සී.ටී.වී. පද්ධතියක් සවි කිරීමට පියවර ගන්නා බව කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පවසයි.
“අපි මුලින්ම කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවට යෝජනාවක් ගෙන එනවා, පසුව එය මහ සභාවෙන් අනුමත කළ යුතුයි,” ඇය පැවසුවාය.
එමෙන්ම සුසාන භූමිය සම්බන්ධයෙන් සිදු කෙරෙන ඇතැම් කටයුතු පමණක් රක්නා ලංකා ආයතනයට ලබා දෙන බවද ඇය ප්‍රකාශ කළාය. රක්නා ලංකා ආරක්ෂක ආයතනය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෘජු මැදිහත්වීම මත ඔහුගේ හිතවතෙකු මෙන්ම ආන්දෝලනාත්මක ගනුදෙනු සම්බන්ධ නම කියැවෙන නිස්සංක සේනාදිපති නමැත්තාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන ආයතනයක් වීම විශේෂත්වයකි.
CCTV සවි කිරීමේ ඉහත තීරණය කරළියට එන්නේ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් සුසාන භූමිය තුළ ඝාතනය කිරීමෙන් පසුවය.