පාසල් නිල ඇඳුම් රෙදි පළමු තොගය චීනයෙන් පිටත් වේ

 පාසල් නිල ඇඳුම් රෙදි පළමු තොගය චීනයෙන් පිටත් වේ

පාසල් නිල ඇඳුම් පළමු කාණ්ඩය චීනයේ ෂැංහයි සිට ශ්‍රී ලංකාව බලා පිටත් කර තිබේ. චීන රජය ඊයේ එය නිල වශයෙන් නිවේදනය කළ බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.

මෙම තොගය රෙදි මීටර් මිලියන තුනකට අධික බව වාර්තා වේ.

රුපියල් බිලියන 5 ක් වටිනා නිල ඇඳුම් රෙදි තොගය 2023 දී මුළු රටේම අවශ්‍යතාවයෙන් 70% ක් සපුරාලීම සඳහා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකික සිසුන්ට තෑග්ගක් වනු ඇතැයි ඔවුහු පැවසූහ.

රෙදි තොගය රැගත් නැව 2023 ජනවාරි 6 වන දින කොළඹ වරායට පැමිණේ.

පළමු කාණ්ඩයේ කන්ටේනර් ඇසුරුම් 38,000කින් සමන්විත නිමි රෙදි මීටර් 3012596.5කින් සමන්විත වේ.

පාසල් නිල ඇඳුම් රෙදි සමන්විත වන්නේ පහත වර්ගවලිනි.

  1. කමිස/ගවුම් රෙදි මීටර් 237,447.5 – සුදු,
  2. කලිසම් රෙදි මීටර් 350031.5 – සුදු,
  3. කලිසම් රෙදි මීටර් 150003.5 – නිල්
  4. සිවුරු රෙදි මීටර් 138134 – තැඹිලි

Newspedia 01

Related post