විදුලිබල මණ්ඩලයට නව සාමාන්‍යාධිකාරීවරයෙක්

ලංකා විදුලිබල මණ්ඩලයට නව සාමාන්‍යාධිකාරීවරයෙක් පත් කොට තිබේ.
ඒ අනුව, රොහාන් සෙනෙවිරත්න මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස වැඩ භාර ගත්තේය.
ඔහු වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවරයෙකු වන අතර, ලංවිමයේ විවිධ අංශවල විවිධ තනතුරු දැරූ නිලධාරියෙකි.
සෙනෙවිරත්න මහතා මෙරටට ‘රූෆ් ටොප් සූර්ය පැනල’ හඳුන්වාදීමේ පුරෝගාමියෙකු ලෙස සැළකෙන අතර, රට තුළ ‘වහලයේ මුදුනේ සූර්යබලය’ ප්‍රවර්ධනය කිරීම සඳහා ඉමහත් දායකත්වයක් ලබාදුන් බව විදුලිබල මණ්ඩලය පවසයි.
ඔහු ඉංජිනේරු සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 35කට වැඩි පළපුරුද්දක් ඇති වරලත් විදුලි ඉංජිනේරුවරයෙකි.