ලංකාවේ මිලියන 6.2 ක් ආහාර අනාරක්ෂිතභාවයක! FAO කියයි

 ලංකාවේ මිලියන 6.2 ක් ආහාර අනාරක්ෂිතභාවයක! FAO කියයි

ශ්‍රී ලංකාව මේ වන විට අත්විඳිමින් සිටින පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සෑම නිවාස 10 කින් 4 ක් තම ආදායම්වල අඩුවීමක් අත්විඳින බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) 2022 ජුනි සිට දෙසැම්බර් දක්වා සිය දළ විශ්ලේෂණයේ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මිලියන 22 ක ජනතාවගෙන් මිලියන 6.2 ක් මධ්‍යස්ථ හා උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දෙන බව ද වාර්තාව පවසයි.

ජනගහනයෙන් 40% ක් තම ජීවනෝපාය සඳහා කෘෂිකර්මාන්තය මත යැපුණද, පවතින දැවැන්ත ආර්ථික අර්බුදය ජාතික ආහාර පද්ධතිය කඩා දමා තිබේ.

වී (සහල්) නිෂ්පාදන පිරිවැය 2022 දී 100% කට වඩා වැඩි වී ඇති අතර, ගොවීන්ට ගුණාත්මක බීජ, පොහොර සහ පළිබෝධනාශක ලබා දීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය මෙම වාර්තාව මගින් අවධාරණය කරයි.

Newspedia 01

Related post