චිරන්ත අමරසිංහගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

 චිරන්ත අමරසිංහගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

සිවිල් ක්‍රියාකාරිකයෙකු වන චිරන්ත අමරසිංහ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් පොලිසියට තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.

නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් ආවරණය කිරීම හා පසුගිය ජූලි 9 වැනිදා ගාලුමුවදොර විරෝධතාවයට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වන බවට තොරතුරු ලැබී ඇති බව පෙත්සම්කරු පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති තම මූලික අයිතිවාසිකම් කඩ කරමින් තමාට එරෙහිව කිසිදු පරීක්ෂණයක් ආරම්භ කිරීමට හෝ පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව ද ඔහු සිය පෙත්සමෙන් පෙන්වා දෙයි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා සඳහන් කර තිබේ.

Newspedia 01

Related post