ලොව විශාලතම සිලින්ඩරාකාර මින් මැදුර පුපුරා යයි! (Video)

ජර්මනියේ බර්ලින් නුවර Radisson Blu හි ජලය ලීටර් මිලියනයක් අඩංගු යෝධ මින්මැදුරක් පුපුරා ගොස් හෝටලය සහ ඒ අවට වීදි ජලයෙන් යටවී ඇති බව බීබීසීය වාර්තා කරයි.
“AquaDom” නම් වන මසුන් 1,500 කට නිවහන වූ උස මීටර් 15.85 (අඩි 52) වන එය ලොව විශාලතම නිදහස් සිලින්ඩරාකාර මින්මැදුර ලෙස සැළකේ.
පිපිරීමෙන් පසු වීදුරු ඇද වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
පොලිසිය පැවසුවේ “ඇදහිය නොහැකි” හානියක් සිදුව ඇති බවයි. වීඩියෝවේ දැක්වෙන්නේ හෝටල් ලොබියට ජලය ගලා යන හිස් ටැංකියකි.
05:50 (GMT 04:50) ට සිදුවීමෙන් පසු අමුත්තන් හෝටලයෙන් පිටතට ගෙන ගොස් ඇත.
බර්ලිනයේ ගිනි නිවන හමුදාවේ ප්‍රකාශකයෙකු බීබීසීයට පැවසුවේ මත්ස්‍යයන්ගෙන් අතිමහත් බහුතරයක් මිය ගොස් ඇති අතර සීතල කාලගුණය ගලවා ගැනීමේ උත්සාහයන් වඩාත් දුෂ්කර කර ඇති බවය. ටැංකියේ මසුන් විවිධ විශේෂ 100 කට වඩා අඩංගු විය.
කෙසේ වෙතත්, ගිනි නිවන හමුදාවේ නිලධාරි ජේම්ස් ක්ලයින් පසුව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ අවශේෂ ජලය එක්රැස් වූ ස්ථානවල මත්‍සයන් රාශියක් පණපිටින් සොයාගත් බවයි. ඔවුන් වෙනත් මින්මැදුරක නැවත රඳවන බව ඔහු පැවසීය.
එමෙන්ම, ආපදා තත්ත්වය හේතුවෙන් ඔක්සිජන් අහිමි වූ කුඩා ටැංකිවල සිටින තවත් මසුන් 400-500ක් පමණ මුදා ගැනීමට කටයුතු කරමින් සිටින බව නිලධාරීන් උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කළේය.
AquaDom 2003 දෙසැම්බර් මාසයේදී විවෘත කරන ලද අතර ලොව විශාලතම සිලින්ඩරාකාර මින්මැදුර ලෙස ගිනස් ලෝක වාර්තාව ලබා දෙන ලදී.
එය ඉදිකරන අවස්ථාවේ වාර්තාවලට අනුව, එය ඉදිකිරීමට යුරෝ මිලියන 12.8 (පවුම් මිලියන 11.2) පමණ වැය විය.(බීබීසී)