බෙන්තොට හෝටලයකින් ‘අයිස්’ සමග 30 ක් ඇල්ලුවලු!

බෙන්තොට නිවාඩු නිකේතනයක ඊයේ සිදු කළ වැටලීමකින් පුද්ගලයන් 30 දෙනෙකු ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පවසන්නේ අත්අඩංගුවට ගත් පිරිස වයස අවු. 21 සිට 37 දක්වා පුද්ගලයන් බවය.
සැකකරුවන් කොළඹ 12, වත්තල, නාරාහේන්පිට, කොටහේන, මාළිගාවත්ත, මට්ටක්කුලිය සහ වලස්මුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.