කොල්ලුපිටිය අනතුරේ සැකකරුට ඇප හිමිවෙයි

 කොල්ලුපිටිය අනතුරේ සැකකරුට ඇප හිමිවෙයි

කොල්ලුපිටියේදී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මර්සිඩීස් මෝටර් රථයේ රියදුරු 26 හැවිරිදි මොහොමඩ් රයිසුල් රිසාක් ඊයේ ඇප මත මුදා හැරිණ.

දැඩි ඇප කොන්දේසි මත මුදාහැරුණු ඔහුට රු. ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම වී තිබේ.

අනතුරින් මියගිය පුද්ගලයාගේ දරුවන් තිදෙනා වෙනුවෙන් සැකකරු රු. ලක්ෂ 15 ක මුදලක් ද ගෙවා ඇතැයි වාර්තා වේ.

සැකකරු විසින් පදවන ලද රථය ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් එක් පුද්ගලයෙකු මියගිය අතර, අනතුරින් පසු සැකකරු ඩුබායි වෙත පලා ගියේය.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර පොලීසියේ සහාය පැතූ අතර, පසුව සැකකරු නැවත ලංකාවට පැමිණීමේ දී ගුවන් තොටුපොළේ දී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් විය.

සබැඳි පුවත්:

  1. කොල්ලුපිටියේ දී අයෙක් බිලිගත් සැප රියේ රියදුරු තවම අල්ලා නෑ!
  2. කොල්ලුපිටිය අනතුරේ රියදුරු එදිනම ඩුබායි ගිහින්!
  3. කොල්ලුපිටිය අනතුරේ රියදුරු අත්අඩංගුවට

Newspedia 01

Related post