ශිෂ්‍යත්ව විභාගය හෙට දින පැවැත්වෙයි!

හෙට (18) දිනයේ 05 වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2894 කදී සිසුන් 334,698 දෙනෙකු විභාගයට පෙනීසිටීමට නියමිතය.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවරට වෙනස් ආකාරයකින් පැවැත්වීමට නියමිතව තිබෙන අතර එහිදී දෙවන ප්‍රශ්න පත්‍රය පළමුව ලබාදීමටත්, පළමු ප්‍රශ්න පත්‍රය දෙවනුව ලබාදීමටත් නියමිත බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියේය.