රජයෙන් දාන උපරිම මිල මෙවර වෙළඳුන් දමයි!

 රජයෙන් දාන උපරිම මිල මෙවර වෙළඳුන් දමයි!

බිත්තරයක් රුපියල් 55 ක උපරිම සිල්ලර මිලකට මෙම උත්සව සමයේදී අලෙවි කරන්නැයි කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය සිල්ලර වෙළෙදුන්ගෙන් ඉල්ලා සිටියි.

එය ඉක්වමා බිත්තර අලෙවි කර පාරිභෝගිකයන් අපහසුතාවට ලක් නොකරන ලෙස සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසීය.

එමෙන්ම බිත්තරයක් රුපියල් 55 ඉක්මවා මිලදී නොගන්නා ලෙස හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙයට හේතු වුයේ පසුගියදා පාරිබෝගික සේවා අධිකාරිය මගින් පනවා තිබු බිත්තරයක උපරිම සිල්ලර මිල අධිකරණය මගින් නවතා දැමීමත් සමඟ වෙළඳුන් බිත්තරයක් රුපියල් 60ට පමණ මිලකට විකිණීම සිදුකරමින් යන නිසාවෙනි.

Newspedia 02

Related post