දුෂිත වායු පැමිණීම ගැන ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සාකච්ජාවක්!

 දුෂිත වායු පැමිණීම ගැන ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සාකච්ජාවක්!

මෙරට වායු ගෝලයට එල්ලවන බලපෑම සම්බන්ධව පරිසර අමාත්‍යාංශය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඉන්දියානු රජයට දැනුම්දීමට සැරසෙන බව මාධ්‍ය වාර්තා කොට තිබිණ.

ඉන්දියාවේ දිල්ලිය ඇතුළු නගරවල වරින්වර සිදුවන වායු දූෂණ තත්ත්වයන් සුළං ධාරා සමග ඉකුත් 2019, 2020 සහ 2021 යන වසරවලදී ද මෙරටට බලපෑවේය.

මේ වසරේ දී එම තත්වය සෞඛ්‍යයට ඉතා අහිතකර මට්ටමින් බලපෑමක් එල්ල කළේය.

විදේශ රටවල පවතින දුෂිත වායුන් මෙරට ඒමෙන් සිදුවන හානි පුර්ණය මුදල් වශයෙන් ලබාගැනීමට මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා යෝජනාවක් ගෙන ආ අතර ඒ පිළිබඳව සැලකිල්ලක් පැවති රජයන් නොදක්වන ලදී.

ඒ අනුව දූෂණ තත්ත්වය අවම කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකම එකතු වී කටයුතු කරන ආකාරය සම්බන්ධව සැලසුමක් සකස් කිරීමට මේ වනවිට රජය සුදානම් වන බව අදාළ මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

Newspedia 02

Related post