ඉදිරි මැතිවරණ සඳහා නව සන්ධානයක්! – හැදෙන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවක්!

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට නව සන්ධානයකින් ඉදිරිපත් වන බවත්, එමගින් ඇති වන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එම නව සන්ධානයේ ලකුණ ඉදිරියේදී තීරණය කරන බවත් ඒ මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වීම පිළිබඳව ඊයේ (15) බත්තරමුල්ලේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීයෙකු නෑගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.
සන්ධාන ගතවීම පිළිබඳව යම් යම් ගැටළු තවමත් පවතින බවත් එයට හේතුව මේ දෙපාර්ෂවයම අත්දැකීම් බහුල කණ්ඩායම් දෙකක් වී බව ප්‍රසන්න රණතුංග මහතා කියා සිටි.
එමෙන්ම තවත් දේශපාලන පක්ෂ කිහිපයක් මෙම සන්ධානයට එකතු කර ගැනීමට සාකච්ඡා සිදු කෙරෙන බවද අවධාරණය කර තිබේ.