සපුගස්කන්දේ තෙල් පිරිපහදු මෙහෙයුම් අද ඇරඹේ

 සපුගස්කන්දේ තෙල් පිරිපහදු මෙහෙයුම් අද ඇරඹේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් කලින් ප්‍රකාශ කළ පරිදි තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් පිරිපහදු කිරීම සඳහා ලැබීමෙන් අනතුරුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙහි මෙහෙයුම් කටයුතු අද යළි ආරම්භ වෙයි.

බොරතෙල් ප්‍රවාහනය කළ නෞකාව වරායේ නැංගුරම් ලා ඇති අතර, ගොඩබෑමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත. බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් ප්‍රවාහනය කරන තවත් ටැංකි නෞකාවක් ඉදිරියේදී මෙරටට පැමිණීමට අපේක්ෂා කෙරේ. මෙම තොග සමඟ, පිරිපහදුවේ මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදුවනු ඇත.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 1,600ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 550ක්, භූමිතෙල් සහ ජෙට් ඉන්ධන මෙට්‍රික් ටොන් 950ක්, උදුන් තෙල් මෙට්‍රික් ටොන් 1450ක් සහ නැප්තා මෙට්‍රික් ටොන් 450ක් නිෂ්පාදනය කරමින් දේශීය වෙළෙඳපොළට පහසුකම් සැලසීම අරමුණු කරගනිමින් තමන් පිරිපහදු කිරීමේ මෙහෙයුම් සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවය.

Newspedia 01

Related post