ප්‍රංශය ශ්‍රී ලංකාව වෙනුවෙන් දැඩි වෙහෙසක් දරයි

‘පැරිස් සමාජයේ’ (Paris Club) කොටසක් වන ප්‍රංශය, ශ්‍රී ලංකාවේ ණයහිමියන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. එමගින් මෙරට මුල්‍ය අර්බුදයට ඉක්මනින්ම විසඳුමක් ලබා ගැනීම සහතික කිරීමට ඔවුන් උත්සාහ කරනු ඇත.
ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ ප්‍රංශ තානාපති Jean-François Pactet ඊයේ සවස මාධ්‍යවේදීන් පිරිසක් සමග කියා සිටියේ ශ්‍රී ලංකාව ඇතුළු සියලු දෙනාගේම යහපත සඳහා වහා විසඳුමක් ලැබෙනු ඇති බවයි.
ශ්‍රී ලංකාව සිය විදේශ ණය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ප්‍රංශයෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය පොරොත්තුවෙන් තබා ඇති බව පැක්ටෙට් පැවසීය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වය සමථයකට පත් වූ පසු ණය ලබාදීම යළි ආරම්භ කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. පැරිස් සමාජය පසුගිය අගෝස්තු මාසයේ සිට ක්‍රියාශීලීව කටයුතු කරන බවත් අදටත් ශ්‍රී ලංකා ප්‍රශ්නය සම්බන්ධයෙන් කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි. “පැරිස් සමාජය අනෙකුත් ණය හිමියන් සමඟ කල්තියා තොරතුරු බෙදාහදා ගන්නවා” යැයි ජීන්-ෆ්‍රැන්සුවා පැක්ටෙට් පැවසීය.
ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය අර්බුදය විසඳීමේ සූත්‍රයක් ලෙස පැරිස් සමාජයේ ණයහිමි රටවල් ශ්‍රී ලංකාවේ ණය සඳහා වසර 10ක අත්හිටුවීමක් සහ තවත් වසර 15ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් යෝජනා කරන බව පසුගියදා වාර්තා විය.
හැකි ඉක්මනින් විසඳුමකට පැමිණීම සඳහා තමන් අනෙකුත් ණය හිමියන් සමග සාකච්ඡා කරමින් සිටින බව පැක්ටෙට් ප්‍රකාශ කරයි.
මෙම අන්තර්වාර කාලය තුළ ප්‍රංශය, ශ්‍රී ලංකාවට අඛණ්ඩව ප්‍රදානයන් ලබා දෙන බව තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
එම ප්‍රදානයන් කුඩා නමුත් එය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්ෂේත්‍රවලට අරමුදල් සැපයීමට උපකාරී වන බව තානාපතිවරයා පැවසීය.
මූල්‍ය ආධාර සඳහා අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ අනුමැතිය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නියම කරන ලද දෙසැම්බර් කාලසීමාව ශ්‍රී ලංකාවට මග හැරෙනු ඇත.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ සතියේ ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව ලබන වසර මුලදී අවශ්‍ය ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට දැඩි වෙහෙසක් දරන බවයි.