දිනේෂ් ෂාෆ්ටර් ගේ ඝාතනයට CID ය, ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු පසුපස!

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති වරයා වූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය මෝටර් රථය තුළ ගෙළ සිරකර දෙඅත් ගැට ගසා බැඳ දමා සිටියදී කනත්තේ මුරකරු සහ ඔහුගේ සේවකයෙකු විසින් ඊයේ පස්වරුවේ සොයාගෙන තිබුණි.
ඊයේ පස්වරුවේ එම ඝාතනය සිදු වීමට පෙර ඔහු තම බිරිඳට දුරකථනයෙන් පවසා ඇත්තේ තමන්ට අය විය යුතු රුපියල් කෝටි ගණනක මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයෙක් හමුවීමට යන බවයි.
ඉන් අනතුරුව ඔහුගේ බිරිඳ මද වේලාවකින් පසු ඔහුට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති අතර එහිදී ඔහුගේ දුරකථනය ක්‍රියාවිරහිතව තිබී ඇත.
දුරකථනය හරහා ලැබී ඇති සංඥා අනුව ඔහුගේ දුරකථනය බොරැල්ල සුසාන භූමිය අසල තිබෙන බවට බිරිඳ අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව කළ සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ සභාපති වරයා තම මෝටර් රථයේ රියැදුරු අසුන මත ගැටගසා වයරයකින් ගෙල ගැටගසා තිබෙන අයුරුයි.
අධ්‍යක්‍ෂවරයා විසින් සභාපතිවරයා වහාම රෝහල් ගත කර ඉන් ටික වේලාවකට පසු ඔහු මියගොස් තිබේ.
ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් සභාපතිවරයාගෙන් ලබාගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි 03ක්ද සභාපතිවරයා සිදුකර තිබෙන බවද උසස් පොලිස් නිලධාරියෙකු වැඩිදුරටත් සඳහන් කළේය.