ඡන්දෙට ලෑස්තියි..තෙල් නැති කරලා ලයිට් කපලා අපේ රෙදි ගලවන්න නං එපා! රනිල්ගෙන් ඉල්ලීමක්

 ඡන්දෙට ලෑස්තියි..තෙල් නැති කරලා ලයිට් කපලා අපේ රෙදි ගලවන්න නං එපා! රනිල්ගෙන් ඉල්ලීමක්

සුදුසු මොහොතක පළාත් පාලන මැතිවරණය සඳහා තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් කණ්ඩායමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ප්‍රකාශ කර තිබේ.

බදාදා පස්වරුවේ මෙම හමුවීම සිදුව තිබේ.

මෙම සාකච්ඡාවට එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහලේකම් සාගර කාරියවසම් මහතා පසුව සඳහන් කළේ මැතිවරණ කාල සීමාව තුළ ඉන්ධන හිඟතාවය වැනි ජන ජීවිතයට බාධාකාරී සිදුවීම් නොවීමේ පරිසරය සකස් කරදෙන ලෙස පළාත් පාළන ආයතන ප්‍රධානීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවය.

පළාත් පාලන ආයතන ප්‍රධානීන් මැතිවරණයට සූදානම්ව සිටින නමුත් මැතිවරණ කාලවලදී සාමාන්‍ය ජන ජීවිතයට යම් බාධාවක් සිදුවුවහොත් එය ඔවුන්ගේ මැතිවරණ අපේක්ෂාවන්ට බාධාවක් වනු ඇතැයි කාරියවසම් මහතා පෙන්වා දෙයි.

පළාත් පාලන ආයතන විසින් සිදුකරන සුබසාධන සහ සමාජ ව්‍යාපෘති සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙස ද ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ද මෙම රැස්වීමට සහභාගී විය.

Newspedia 01

Related post